පොත් පත්

දරුවාට ආරක්ෂාකාරී පරිගණකයක්

First page

දරුවාට ආරක්ෂාකාරී පරිගණකයක්
කර්තෘ – කාන්චන ඉලංගකෝන්
පරිගණක අක්ෂරකරණය සහ පිටු සැකසුම – ගයාන් ජයසිංහ
ප්‍රකාශනය – සී/ස ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ (පුද්) සමාගම
මිල – Rs. 175/=
ප්‍රථම මුද්‍රණය – 2015

දරුවාගේ පරිගණකය ආරක්ෂාකාරී පරිගණකයක් කරමු.
අනාගතයට මුහුණදීමට සිටින දරුවනට අධ්‍යාපන කටයුතු සඳහා පරිගණකයක් ලබාදිය යුතු බව අප කවුරුත් දන්නා කරුණකි. නමුත් දෙපැත්ත කැපෙන ආයුධයක් බඳු පරිගණකය දරුවන්ට ලබාදීමේදී එය ඉතාමත් කල්පනාවෙන් සිදුකල යුතුය. දෙමාපියන් බුද්ධිමත් ලෙස දරුවාට පරිගණකය ලබා දුනහොත් ඒ පිලිබඳ බිය වීමට කිසිම හේතුවක් නැත.
“දරුවාට ආරක්‍ෂාකාරී පරිගණකයක්” පොත දරුවෙකුට ආරක්ෂාකාරී ලෙස පරිගණකයක් ලබාදිය යුතු ආකාරය දෙමාපියන්ට ඉතාමත් සරල ලෙස පියවරෙන් පියවර පැහැදිලි කරදෙන අත්පොතකි. මෙහි විශේෂත්වය වන්නේ පරිගණක පිලිබඳ කිසිම දැනීමක් නොමැති දෙමාපියන්ටත් පරිගණක දනුම ඇති දෙමාපියන්ටත් ක්‍රියාකලයුතු ආකාරය මෙහි වෙන වෙනම දක්වා තිබීමයි.
පාසැල් යන දරුවකුට මිලදී ගත යුත්තේ කුමන ආකාරයේ පරිගණකයක්ද යන්නේ සිට නොමිලේ ලබාගත හැකි මෘදුකාංග භාවිතයෙන් ඉතාමත් සාර්ථක ලෙස
*අනවශ්‍ය වෙබ් අඩවි වලට පිවිසීම වැලැක්වීම (වැඩිහිටියන්ට වෙන් වූ වෙබ් අඩවි, Chat වෙබ් අඩවි, Facebook ආදී සමාජ ජාල වෙබ් අඩවි ආදී)
*දිනකට පරිගණකය භාවිතා කරන කාලය ස්වයංක්‍රීයවම පාලනය කිරීම
*දෙමාපියන් නිවසෙහි නැති විට සහ රාත්‍රී කාලයේදී පරිගණකය භාවිතය ස්වයංක්‍රීයවම වැලැක්වීම
*පරිගණක ක්‍රීඩා පාලනය කිරීම
*පරිගණකය භාවිතාකල ආකාරය පිලිබඳ විස්තර ලබාගැනීම. (භාවිතා කල සියලුම වැඩසටහන් සහ වෙබ් අඩවි ඒවායෙහි ගතකල කාලයන් සමග). මෙය ඔබට ඔබගේ සේවා ස්ථානය සිට වුවද පරීක්ෂා කල හැකිය.
ඇතුලු තවත් බොහෝ කරුණු අඩංගු වේ.
මෙම පොත පාසල් යන වයසේ දරුවන් සිටින සියලුම දෙමාපියන් විසින් කියවිය යුතු පොතක් බව මාගේ අදහසයි…

කාන්චන ඉලංගකෝන් (කර්තෘ) 

අද පරිගණකය අධ්‍යාපනය ලබන වයසේ දරුවන් අතර ඉතාමත් ජනප්‍රිය උපකරණයක් බවට පත්වී ඇත. එමෙන්ම අනාගතයට සාර්ථකව මුහුණ දීමට නෙතු දල්වා බලා සිටිනා තම ආදරණීය දරුවාට පරිගණකයක් ලබාදීම දෙමාපියන්ගේ ද යුතුකමකි. නමුත් මෙලෙස ලබා දෙන පරිගණකය යහපත කරාත් අයහපත කරාත් සීමා රහිතව භාවිත කළ හැක.
එම නිසා දෙමාපියන්ට පරිගණක දැනීමක් තිබුණත්, කිසිම පරිගණක දැනීමක් නැතත්, දරුවාගේ පරිගණකය ආරක්ෂාකාරී පරිගණකයක් කිරීම සදහා දෙමාපියන් විසින් දැනගත යුතු කරුණු, ඉතාමත් සරලව පියවරෙන් පියවර මෙම පොතෙහි හොදින් විස්තර කර ඇත.
මෙම පොත පරිගණක භාවිත කරන වයසේ දරුවන් සිටින සෑම දෙමාපියකු විසින්ම කියවිය යුතු පොතක් බව නිර්දේශ කළ හැකි ය.
Dr. D. W. M. A. G. Bandara
B.Sc (HM/Computer) PhD (SNU)

මෙම පොත ලබාගත හැකි ආකාර

1) සී/ස ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ (පුද්) සමාගම පොත් මැදුර, මරදාන.

2) තැපැල් මගින් ලබාගැනීමට
පොතේ මිල රු 175 + තැපැල් ගාස්තු රු 90
සම්පත් බැංකුවේ 1022 5358 7573 ගිණුමට හෝ
කොමර්ෂල් බැංකුවේ 8450011808 ගිණුමට
රු 265 ක මුදලක් තැන්පත් කර 0777 240 260 දුරකථන අංකයට මුදල් තැන්පත්කළ බැංකුවේ නම සහ පොත තැපැල් කල යුතු ලිපිනය SMS කරන්න. (මුදල් තැන්පත් කරන විට Reference යන කොටුවෙහි ඔබගේ දුරකථන අංකය සඳහන් කරන්න.)

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>