Password නිවැරදි ලෙස භාවිතා කිරීම

අප බොහෝ දෙනෙක් කරන වරදක් තමයි password නිවැරදි ලෙස භාවිතා නොකිරීම සහ ආරක්ෂා කර නොගැනීම. එසේත් නොමැතිනම් ඒවා අමතක කර ගැනීම.

සාමාන්‍යයෙන් අප password එකක් සාදන විට පොදුවේ වැරදි විශාල ප්‍රමාණයක් සිදුකරයි. password එකක් යනු තවත් කෙනෙකුට අනුමාන කළ හැකි දෙයක් නොවිය යුතුයි. බොහෝ දෙනෙක් password ලෙස දුරකථන අංකය, ජාතික හැඳුනුම්පත් අංකය, උපන්දිනය වැනි දේ භාවිතා කරයි. නමුත් තවත් කෙනෙකුට ඉතාමත් පහසුවෙන් මේවා අනුමාන කල හැකි වේ.

හොඳ Password එකක ලක්ෂණ.

හොඳ password එකක අවම වශයෙන් අකුරු 8ක් වත් තිබිය යුතුයි. මේවා අතර simple සහ capital අක්ෂරද, ඉලක්කම්ද, සංකේත ද ඇතුලත් විය යුතුයි.

නිවැරදිව හොඳ Password එකක් සාදාගන්නේ කෙසේද?

හොඳ password එකක් ඉහත සඳහන් කල ආකාරයේ අංග සහිතව සාදාගත්තත් ගැටළුව වන්නේ ටික දවසක් භාවිතා නොකර සිටියහොත් එය අමතක වීමයි. මීට හොඳම විසඳුම වන්නේ ඔබට පහසුවෙන් මතක තබාගත හැකි වාක්‍යයක් සාදාගෙන එයට රීති කිහිපයක් අනුව හොඳ password එකක් සාදා ගැනීමයි.

මේ සඳහා සජීවී පුද්ගලයකු හෝ සතකු ඇතුලත් වාක්‍යයක් සංකේත ද ඇතුලත් වන අයුරින් සාදා ගන්න.

ඉන්පසු එහි වචනවල මුල් අකුරු ගන්න.

සජීවී ඕනෑම දෙයක් දැක්වෙන අවස්ථාවල අකුර capital වලින්ද අනෙක් අවස්ථාවල අකුර simple වලින්ද යොදන්න.

පහත දැක්වෙන උදාහරණ කිහිපය සලකා බලන්න.

* මගේ කොටු කොටු කමිසේ සාක්කු දෙකක් ඇත.

Mage kotu kotu kamise saakku 2k atha

එවිට ලැබෙන password එක පහත පරිදි වේ.

M##ks2ka

* අපේ ටෝමියගේ පිටේ කළු තිත් 3ක් තිබේ.

Ape Tomiyage pite  kalu thith 3k thibe

එවිට ලැබෙන password එක පහත පරිදි වේ.

ATpk.3kt

* මගේ මල්ලී දහය බෙදලා දෙකෙන් උත්තරේ පහයි කියලා ගත්තා.

Mage Malli 10 bedala 2n uththare 5i kiyala gaththaa.

MM10/2u5kg

දැන් මෙම වාක්‍යය අමතක නොවන තැනක ලියා තබා ගන්න.

වැදගත්: කිසිම විටෙක password එක වෙනත් කෙනෙකුට දීමෙන් වලකින්න. එය මිතුරන් සමගවත් හුවමාරු කර ගැනීමෙන් වලකින්න. එමෙන්ම ඔබත් තවත් කෙනෙකුගේ password ඉල්ලීමෙන් වලකින්න. එය සදාචාරාත්මක නොවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>