අන්තර්ජාලයට ඇබ්බැහි වීම

අන්තර්ජාලයට ඇබ්බැහි වීම අද බොහෝවිට පෙනෙන්නට තිබේ. විශේෂයෙන් Facebook වැනි සමාජ ජාල වෙබ් අඩවිවලට ප්‍රවේශයේදී මෙම ලක්ෂණය වැඩියෙන් පෙන්නුම් කරයි. මේ සඳහා හොඳම විසඳුම තමන්ගේ සිත පාලනය කිරීමට තරම් ශක්තිමත් වීමයි. කෙසේ වෙතත් මෙයින් අපතේ යන්නේ ඔබගේ අධ්‍යාපනය සඳහා යෙදවීමට ඇති කාලයයි. පහත උපක්‍රම දෙක මගින් මෙම ඇබ්බැහි වීම තරමක් දුරට හෝ පාළනයක කරගැනීමට හැකියාව ලැබෙනු ඇත.

  1. ඔබ අන්තර්ජාලයට ප්‍රවේශ වන්නට පෙර එයින් ඉවත්වන වෙලාව කලින්ම තීරණය කරන්න. උදාහරණයක් ලෙස ඔබ රාත්‍රී 8:10ට අන්තර්ජාලයට පිවිසීමට සූදානම් වන්නේයැයි සිතන්න. ඒ සමගම ඔබ රාත්‍රී 8:30 වන විට අනිවාර්යයෙන්ම ඉවත්වනබව සිතෙහි තබාගෙන අන්තර්ජාලයට ප්‍රවේශ වීම ආරම්භ කරන්න. ඒ පරිද්දෙන්ම එම වෙලාවට අන්තර්ජාලයෙන් ඉවත්වන්න. කිසිම විටෙක තවත් විනාඩියක් හෝ විනාඩි 5ක් ඉන්නවා යයි සිතන්න එපා. හරියටම කලින් සිතාගත් වෙලාවට ඉවත්වන්න. මෙම ගුණාංගය ප්‍රගුණ කළහොත් අන්තර්ජාලය සම්බන්ධයෙන් පමණක් නොව ඔබගේ පුද්ගලික ජීවිතයෙදීද විශාල පිම්මක් ඉදිරියට යාමට හැකිවනු ඇත.

  2. 2 ඔබ අන්තර්ජාලය භාවිතා කරන්නේ “Google Chrome” වෙබ් බ්‍රව්සරය හරහා නම් එහි ඉතාමත් හොඳ app එකක් ඇත. ඔබ Chrome හී Apps වෙතට ගොස් “Stayfocused” යන extension එක Chrome තුල ස්ථාපනය කරගන්න. මෙහිදී ඉතාමත් පහසුවෙන් අන්තර්ජාලය භාවිතය පාලනය කරවිය හැකිය. උදාහරණයක් ලෙස ඔබ දිනකට Facebook වෙබ් අඩවියට පිවිසීමට විනාඩි 10ක් වෙන්කරන්නේ නම් ඒ අනුව Stayfocused හි settings සකසන්න. ඔබ දිනයේ විටින් විට පිවිසෙන වේලාවන් එකතුකොට විනාඩි 10 සම්පූර්ණ වූ විට එම වෙබ් පිටුවට පිවිසීම වළක්වාලයි.

Stayfocused extension එක ස්ථාපනය කර ගැනීම පහත ආකාරයෙන් සිදු කරගත හැකිය.

6

ප්‍රථමයෙන් Google Chrome හි “Apps” වෙත යන්න.

එවිට පහත ආකාරයේ Window එකක් ලැබේ.

7

එහි ඇති “Web Store” වෙත ගිය විට දැක්වෙන තිරයේ වම පස ඉහල “Search the store” නම් කොටුවෙහි “Stayfocused” ලෙස type කරන්න.

8

එවිට පහත තිරය ලැබේ. එහි “Stayfocused” ඉදිරියෙන් දකුණු පස ඇති “Add to Chrome” යන්න මත click කරන්න.

9

ලැබෙන Dialog එකෙන් “Add Extension” යන්න තෝරන්න.

10

එවිට Chrome Window එකෙහි දකුණු පස ඉහලින් එහි සලකුණ දිස්වේ.

11

ඔබට කාලය සීමා කල යුතු වෙබ් අඩවියට ගොස් මෙම කුඩා රවුම් සලකුණ මත click කරන්න. එවිට පහත ආකාරයේ message box එකක් එළැඹෙනු ඇත. එහි කාලය ලෙස විනාඩි 10ක් පෙන්නුම් කරයි.

13

එහිදී “Block this entire site” යන්න click කිරීමෙන් අදාළ වෙබ් අඩවිය දිනකට නැරඹිය හැකි වෙලාව විනාඩි 10 කට සීමා කල හැකිය. එහි පහතින් ඇති settings වෙත ගොස් ලබාදෙන කාලයද තවත් බොහෝ දේ ද අපට අවශ්‍ය පරිදි සකසා ගත හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>