අනර්ථකාමී මෘදුකාංග (Malware)

අනර්ථකාමී මෘදුකාංග (Malware)

අප පරිගණකයට හානි පමුණුවන මෘදුකාංග සාමාන්‍යයෙන් Virus ලෙස හඳුන්වනු ලැබුවත් එහි නියම නම වනුයේ Malware (Malicious software) යන්නයි. එනම් අනර්ථකාමී මෘදුකාංග යන්නයි. මෙලෙස විවිධ Malware වර්ග පවතින අතර ඒවායින් සිදුකරනේ එකිනෙකට වෙනස් අනර්ථයන් ය. එවැනි කිහිපයක් පහතින් සලකා බලමු.

Adware

මෙමගින් අප අන්තර්ජාලයේ සැරිසරණ විට අපට කරදරයක් වන තරමටම වෙළඳ දැන්වීම් ප්‍රදර්ශනය කිරීම සිදුකරයි. අප නොමිළේ ලබාගන්නා මෘදුකාංග පරිගණකයේ ස්ථාපනය කිරීමේදී මේවාද ස්ථාපනය වේ. එවැනි නොමිලේ ලබාගන්නා වැඩසටහනක් ස්ථාපනය කිරීමේදී Setup තුල පියවරෙන් පියවර ඉදිරියට යන විට මෙවැනි මෘදුකාංගද ස්ථාපනය වන බව පෙන්වයි. නව වැඩසටහන් ස්ථාපනය කිරීමේදී නිසි කල්පනාවෙන් පියවරෙන් පියවර සංවාද කියවමින් ඉදිරියට ගියහොත් මෙය වලක්වාගත හැකිය.

Spyware

මෙමගින් අප පරිගණකයේ ඇති තොරතුරු සොරාගනු ලැබේ. විශේෂයෙන් email ගිණුම්, බැංකු ගිණුම් ආදියෙහි User name සහ password සොරාගෙන එහි නිර්මාණකරු වෙත යවයි.

 Trojan Horse

මේවා ඉතාමත් වැදගත් වැඩසටහනක් බව හඟවමින් අප පරිගණකය තුල ස්ථාපනය වේ. ඉන්පසු එහි නිෂ්පාදකයාට අප පරිගණකයට ප්‍රවේශ වී එහි ඇති තොරතුරු සොරකම් කිරීමට අවස්ථාව සලසා දේ.

Viruses

මෙහි ඇති විශේෂත්වය වන්නේ ස්වයංක්‍රීයවම මෙහි පිටපත් නිපදවීමයි. අන්තර්ජාලය හරහාද ආසාදිත පරිගණකයකට සවිකරන Pen drive වැනි උපකරණ හරහාද පැතිර යා හැකිය. මේවාටද ඔබගේ පරිගණකයේ ක්‍රියාකාරිත්වය අඩාල කිරීමටද පරිගණකයෙන් තොරතුරු සොරකම් කිරීමටද හැකියාව ඇත.

Ransomware

මෙය තරමක් වෙනස් ආකාරයේ Malware එකකි. මෙය ඔබගේ පරිගණක පද්ධතියේ ක්‍රියාත්මක වූ විට ඔබගේ පරිගණක පද්ධතියට සහ එහි දත්ත වලට ඔබට පිවිසීමට නොහැකි වේ. යලිත් ඒ වෙත පිවිසිය හැකි සේ සකස් කිරීමට නම් එම Ransomware එක සෑදු පුද්ගලයාට කිසියම් මුදලක් ගෙවන ලෙස දන්වයි. ඔබට යලිත් ඔබගේ පරිගණක පද්ධතියට සහ දත්ත වෙත පිවිසීමට නම් එම මුදල ගෙවිය යුතු වේ.

පරිගණකයක Malware ඇති බව හඳුනාගන්නේ කෙසේද?

පරිගණකයක පහත ලක්‍ෂණ පෙන්වන්නේනම් එහි කිසියම් හෝ අනර්ථකාමී මෘදුකාංග ක්‍රියාත්මක වන බවට සැක කල හැකිය.

  • පරිගණකයේ CPU උපාංගයේ භාවිතය අසාමාන්‍ය ලෙස ඉහල යාම.

මෙය පරීක්ෂා කිරීමට තිරයේ පහතම ඇති Task bar එක මත right click කරන්න. එවිට පහත ආකාරයේ Menu එකක් ලැබේ.

1

එයින් Task Manager යන්න තෝරන්න. එවිට පහත ආකාරයට Task Managaer එක අපට ලැබේ.

2

එහි “Performance” යන tab එක තෝරා Windows 8 හෝ ඊට පසු මෙහෙයුම් පද්ධතියක් ඇතිනම් වම් පසින් CPU යන්න තෝරන්න. එවිට CPU උපකරණයේ ක්‍රියා කාරිත්වය අපට දැක ගත හැකිය.

සාමාන්‍යයෙන් පරිගණකයක් විශේෂ ක්‍රියාවක් නොකරන විට එහි CPU උපාංගයේ භාවිතය 10% ට වඩා අඩු අගයක් පැවතිය යුතුය. මෙය ඊට වඩා වැඩි අගයක් ගනීනම් පරිගණකය තුළ අනවශ්‍ය කාර්යයන් සිදු වන බව සිතිය හැකිය. එනම් බොහෝවිට අනර්ථකාමී මෘදුකාංග ක්‍රියාත්මක වනවා විය හැකිය. තවද මෙවැනි මෘදුකාංග ඇතිවිට පරිගණකයෙන් පහත ලක්ෂණ පෙන්නුම් කරයි.

  • පරිගණකයේ වේගය සහ අන්තර්ජාලය තුල සැරි සැරීමේ වේගය අඩු වීම.

  • අන්තර්ජාලයට සම්බන්ධ වීමේදී ගැටළු මතු වීම.

  • පරිගණකය සිර වීමට (Stuck) බැලීම.

  • පෙර නොවූ අසාමාන්‍ය Files හෝ Folders තිබීම.

මෙහිදී විශේෂයෙන් අපගේ පරිගණකයේ දැනට ඇති Files හෝ Folders වල නමින්ම හෝ New Folder ලෙස folders පෙන්වයි. සැක සහිතනම් කිසි විටෙක ඒවා විවුර්ත කිරීමෙන් වලකින්න. ඒ මත Right click කර ලැබෙන Menu එකෙහි අවසානයෙහි ඇති Properties වෙත යන්න. එය නියම Folder එකක්නම් ලැබිය යුත්තේ පහත ආකාරයේ Message එකකි.

3

මෙහි “Type :” ලෙස ඇත්තේ “File Folder” ලෙසයි. නමුත් මෙය Malware එකක් නම් ලැබෙන Menu එකෙහි “Type of file” ඉදිරියෙන් “Application (.exe)” ලෙස පෙන්නුම් කරයි.

සටහන: Windows මෙහෙයුම් පද්ධතිය භාවිතා කරන පරිගණක වල Application (.exe) ලෙස ඇත්තේ වැඩසටහනක් ස්ථාපනය කිරීමට හෝ ක්‍රියාත්මක කිරීමට ඇති File වර්ගයයි. මේවා බොහෝ විට එම වැඩසටහනට අනුරූප රූපයකින් සමන්විත වේ. නමුත් folder එකක් ආකාරයෙන් .exe file එකක් පවතීනම් එය Malware එකක් වීමට බොහෝසෙයින් ඉඩ ඇත. පහත රූපය බලන්න.

4

සාමාන්‍යයෙන් පරිගණකයක settings සකසා ඇත්තේ ගොනු වර්ගය හඳුනාගත හැකි extension එක නොපෙනෙන ලෙසය. එය පෙනෙන ආකාරයට සකස් කර ගැනීමට පහත ආකාරයෙන් කටයුතු කරන්න.

Windows 10 පරිගණකයක නම් “This PC” වෙත ගොස් ලැබෙන Window එකේ View ටැබ් එක වෙත යන්න. එහි File name extensions යන්න ඉදිරියේ ඇති කුඩා කොටුව click කර එයට “√” ලකුණක් දමන්න.

Malware වලින් ආරක්ෂා වන්නේ කෙසේද?

ප්‍රති වෛරස මෘදුකාංග භාවිතයෙන් සහ පරිගණක සම්බන්ධ යහපත් ආචාර ධර්ම පිළිපැදීමෙන් Malware වලින් ඇතිවන අවධානම අඩු කර ගැනීමට හැකිවේ.

1)හොඳ Virus Guard එකක් සහ Internet Security මෘදුකාන්ගයක් ස්ථාපනය කිරීම.

මේ සඳහා අපට යම්කිසි වියදමක් දැරීමට සිදු වේ. මෙය සාමාන්‍යයෙන් වසරකට රුපියල් 2000 කට අඩු මුදලකි. මෙහිදී  ඔබට සැලකිය යුතු ආරක්ෂාවක් ලැබේ. නමුත් ඔබට මෙම වියදම දැරීමට අපහසුනම් නොමිලේ ලබාගත හැකි Virus  guard එකක් භාවිතා කල හැකිය. මේ සඳහා පහත දැක්වෙන මෘදුකාංග ඒවාට අදාළ වෙබ් පිටුවෙන් ලබාගත හැකිය.

Antivirus

Website

Avast Free Antivirus

www.avast.com

AVG AntiVirus Free

free.avg.com

Panda Free Antivirus

www.pandasecurity.com

Check Point ZoneAlarm Free Antivirus + Firewall

www.zonealarm.com

Malwarebytes Anti-Exploit Free

www.malwarebytes.org

Ad-Aware Free Antivirus+

www.lavasoft.com

Comodo Antivirus

antivirus.comodo.com

FortiClient

www.forticlient.com

(නොමිලේ ලබාගත හැක්කේ Virus Guard එකක් පමණි. එහි Internet security පහසුකම ලැබෙන්නේ නැත.)

තවද SmadAV  මෘදුකාංගයද පරිගණකයට සවිකරන Pen drives ආදිය පරීක්ෂා කිරීමට ඉතාමත් සුදුසුය. එය ලබා ගැනීමට www.smadav.net වෙබ් අඩවියට පිවිසෙන්න.

Anti-Virus මෘදුකාන්ගයක් ස්ථාපනය කිරීම පමණක් ප්‍රමාණවත් නොවේ. එය නිසි පරිදි ක්‍රියාත්මක වීමට නම් නිසි පරිදි යාවත්කාල (Update) කිරීම අත්‍යාවශ්‍ය වේ. බොහෝ Anti-Virus මෘදුකාන්ග පරිගණකය අන්තර්ජාලය හා සම්බන්ධ වූ සැනෙකින් ස්වයන්ක්‍රීයවම යාවත්කාල වේ. එසේ නොවන Anti-Virus මෘදුකාන්ග දින 2-3 කටවත් වතාවක් අන්තර්ජාලය හා සම්බන්ධ කර ඔබ විසින් යාවත්කාල කල යුතුය.

2)Pen Drives භාවිතයේදී ප්‍රවේශම් වීම.

එක් පරිගනකයක සිට තවත් පරිගණකයකට දත්ත රැගෙන යාමට අප අද බහුලවම භාවිතා කරන්නේ Pen Drives ය. එමනිසා මේවා මගින් Malware පතිරීමටද බොහෝ සෙයින් අවස්ථාව ඇත. එක් ආසාදිත පරිගණකයකට pen drive එක සවිකලවිට ඒ තුලට Malware පිටපත් වේ. ඉන්පසු එම Pen drive එක සම්බන්ධ කරන සියලුම පරිගණක වලට ස්වයන්ක්රීයවම පිටපත් වීම සිදුවේ.

මෙය වලක්වා ගැනීමට Virus guard එකක් උපකාරී කරගත හැකිය. ඉහත සඳහන්කළ “SmadAV” මෘදුකාංගය pen drive එකක් පරිගණකයට සම්බන්ධ කරන විටම එය පරීක්ෂා කරනු ලබයි. නමුත් මෙවැනි මෘදුකාංගයකින් අවදානම අඩු කරනවා මිස කිසිම විටක 100%ක් ආරක්ෂාව ලැබේයැයි බලාපොරොත්තු විය නොහැක. එමනිසා pen drive එකක් වෙනත් පරිගණකයකට සම්බන්ධ කරන විට සහ මිතුරන්ට ලබාදෙනවිට එය කල්පනාකාරීව සිදු කරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>