තමන්ගේ තොරතුරු තැන්පත් කිරීම

තමන්ගේ තොරතුරු විශාල ප්රමාණයෙන් වෙබ් අඩවි තුල තැන්පත් කිරීම

තමන් පිලිබඳ විස්තර අන් අය දැනගන්නවාට අප බොහෝ දෙනෙක් කැමැතිය. ඉතින් අප වැඩි  දෙනෙක් අන්තර්ජාලයේ අපගේ විස්තර ඇතුලත් කිරීමට කැමැත්තක් දක්වයි. මේ සඳහා බොහෝවිට තොරාගණු ලබන්නේ සමාජ ජාල වෙබ් අඩවියි.

ඔබ අන්තර්ජාලයෙහි පල කරන තොරතුරු/චායාරූප වල හෝ ඊ මේල් මගින් වෙනත් අයෙකුට යවන තොරතුරු/චායාරූප පිලිබඳ සැලකිය යුතු විශේෂ කරුණක් ඇත. එනම් ඒවා “මේ ලෝකයේ ඕනෑම කෙනෙක් අතට පත් වුවාට ඔබව අපහසුතාවයට පත් නොවන ආකාරයේ ඒවා විය යුතුයි” යන්නයි.

මෙලෙස සමාජ ජාල වෙබ් අඩවියක ඔබ තොරතුරු තැන්පත් කිරීමේදී ලිපිණය, දුරකථන අංකය වැනි දේ ඇතුලත් කිරීමට ඇත. ඔබ පාසැල් යන වයසේ දරුවකුනම් මේ සඳහා කිසි විට නිවැරදි තොරතුරු ලබාදෙන්න එපා. මේවා හිස්ව තබන්න. ඔබ නිවැරදි තොරතුරු ලබාදුනහොත් ඒවා අපරාධ කරුවන්ට ඉතාමත් පහසුවෙන් ලබාගන්න හැකියාව ලැබේ. ඉන් ඔබටත්, ඔබගේ දෙමාපියන්ටත් භයානක තර්ජනයන්ට ලක්වීමට බොහෝ ඉඩකඩ තිබේ.(නමුත් ඔබ අනිවාර්යයෙන්ම මේ ගිණුම සඳහා භාවිතා කරන Username සහ Password සුරක්ෂිතව තබා ගත යුතු වේ. යම් හේතුවකින් මේවා නැතිවුවහොත් ගිණුම යලිත් ඔබට ලබාගැනීම අපහසුය. ඔබ වැඩිහිටියකු නම් මේවාට සත්‍ය තොරතුරු ඇතුලත් කරන්න. එවිට ඔබට Username සහ Password අමතකවුන අවස්ථාවක ගිණුම යලි ලබාගැනීම පහසුවේ)

ඔබ ඡායා රූපයක් මෙවැනි වෙබ් අඩවියක පල කරන්නේනම්, එම ඡායා රූපය රූපවාහිනී නාලිකාවක ප්‍රදර්ශණය කලත් ඔබ හෝ වෙනත් කිසිවෙකුත් අපහසුතාවයට පත් නොවන ආකාරයේ එකක් විය යුතුයි.

ඔබ යවන ඊමේල් පණිවුඩ සම්බන්ධයෙන්ද සිතිය යුත්තේ මේ ආකාරයෙන්මයි. ඔබගේ හොඳම මිතුරකුට යවන ඡායාරූපයක් වුවද මේ ආකාරයෙන්ම විය යුතුයි.

ඔබ අන්තර්ජාලයට හෝ ඊමේල් පණිවිඩයක් වෙත ඡායාරූපයක් ඇතුලත් කරන විට පහත කරුණු තුන පිලිබඳ අනිවාර්යයෙන්ම සිතන්න.

i ) ඔබ අන්තර්ජාලයට එකතුකරන චායාරූපයක් නැවත ලබාගත නොහැක. ඔබ එය මකා දැමුවත් (Delete) තත්පර ගණනක් ඇතුලත දහස් ගණනක් දෙනා අතට පත්වී තිබිය හැකිය.

ii ) අන්තර්ජාලයේ හෝ ඊමේල් හි ආරක්ෂාව පිලිබඳ 100%ක් විශ්වාසය තැබිය නොහැකිය. ඔබ අතින් පමණක් නොව, ඔබගේ මිතුරකු අතින් සිදුවන නොසිතන තරමේ ඉතාමත් සුළු අතපසුවීම් වලින්  පවා ආරක්ෂාව සම්පූර්ණයෙන්ම නැතිවී යා හැකියි.

iii ) ලෝකය වෙනස්වෙයි, මිනිසුන් වෙනස්වෙයි, මිතුරන්ද වෙනස් විය හැකියි.

අන්තර්ජාලයෙහි තමාගේ තොරතුරු තැන්පත් කල විට යලි ලබාගත නොහැකි බව සහ එහි අවදානම තේරුම් ගැනීම සඳහා පහත දැක්වෙන video නරඹන්න.

full-video-button1

full-video-button1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>