ආරක්ෂාකාරී ලෙස අන්තර්ජාලය භාවිතා කරමු.

ශ්‍රී ලංකාවට අන්තර්ජාලය

අන්තර්ජාලය යනු අද අපට ඉතාමත් හුරු පුරුදු වචනයකි. අදින් දශක දෙකකට පමණ පෙර අන්තර්ජාලය යන වචනය බොහෝ දෙනෙකුට අසන්නවත් ලැබී තිබුනේ නැත. ශ්‍රී ලංකාවට අන්තර්ජාලය හඳුන්වා දෙනු ලැබුවේ 1990 දශකයේ මැද භාගයේ දීය. එවකට තිබුණු තාක්ෂණික පහසුකම් සමග අන්තර්ජාලය භාවිතා කිරීම අද තරම් සුන්දර අත්දැකීමක් නොවිණ. කාලයත් සමග වෙනස්වීමන් අද වන විට පාසැල් දරුවන්ට  පවා අන්තර්ජාලය භාවිතා කිරීම පිලිබඳ විශේෂ හැකියාවක් ඇත. කෙසේ නමුත් අද අප භාවිතා කරණ මෙම අන්තර්ජාලයේ ඉතාමත් සුන්දර පැත්තක් මෙන්ම ඉතාමත් අඳුරු පැත්තක්ද ඇත.

අන්තර්ජාලයේ භාවිතය.

අන්තර්ජාලයෙන් ලබාගත හැකි යහපත් ප්‍රතිඵල මෙතෙක් යැයි කියා නිම කළ නොහැකිය. එතරම්ම ප්‍රයෝජයන අන්තර්ජාලයෙන් ලබා ගත හැකි ය. ලොව ඇති සියලුම ක්ෂේත්‍රයන් පිළිබඳ වැඩිපුරම තොරතුරු ලබාගත හැකි වේගවත්ම ලාභදායකම මාර්ගය වන්නේ අන්තර්ජාලයයි. විශේෂයෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේදී මෙය කැපී පෙනේ. පෙර පාසැල් අධ්‍යාපනය ලබන දරුවාගේ සිට පශ්චාත් උපාධි හදාරන්නන් දක්වා අධ්‍යාපනය සඳහා භාවිතා කල හැකි  ප්‍රධානම මෙවලමක් වන්නේ අන්තර්ජාලයයි. එම නිසා අයහපත් ප්‍රතිඵල ඇතිවේයැයි සිතා අන්තර්ජාලයෙන් ඉවත්වී සිටීම මෝඩ කමකි. අප කල යුතු වන්නේ බුද්ධිමත් ලෙස අන්තර්ජාලය භාවිතා කිරීමයි. ආරක්ෂක උපක්‍රම දැනගෙන බුද්ධිමත් ලෙස නියමාකාරයෙන් අන්තර්ජාලය භාවිතා කරන්නේ නම් මේ පිලිබඳ කිසිදු බියක් ඇති කරගත යුතු නැත.

අන්තර්ජාලයෙන් ඇති විය හැකි තර්ජන මොනවාද?

අප බොහෝ විට සිතන්නේ අන්තර්ජාලය භාවිතා කරන විට අප සැම විටම ඉතාමත් ආරක්ෂාකාරී කියා ය. එසේ දැනෙන්නේ “ඉතාමත් ආරක්ෂාකාරී තැනක (නිවසේ, පාසලේ, කාර්යාලයේ) පරිගණකයේ සිටින අපට කොහොමද අනතුරක් වෙන්නේ”  යන සිතුවිල්ල නිසාය.

ඔව්, එසේ සිටින විට ඔබට සතුන්ගෙන්, භෞතික භාණ්ඩ සොරකම් කරන සොර සතුරන්ගෙන් හිරිහැරයක් වන්නේ නැත. නමුත් ඔබගේ පරිගණකයේ ඇති තොරතුරු සොරකම් කරණ , ඔබගේ චායාරූප සොරකම් කරණ , ඔබගේ කටහඬ සොරකම් කරණ කොටින්ම කියනවානම් ඔබට මිල කල නොහැකි තරම් වටිනාකමක් ඇති ඔබගේ පුද්ගලිකත්වය සොරකම් කරණ සයිබර් සොරුන් අසීමිත සංඛ්‍යාවකට ඔබ අන්තර්ජාලය හරහා විවුර්තය.

මෙහි ඇති විශේෂත්වය සාමාන්‍ය සොරුන් ඔබෙන් යමක් සොරකම් කළ විට ඊට ටික මොහොතකින් සොරකමක් සිදුව ඇති බව  ඔබට දැනීමයි. උදාහරණයක් ලෙස ඔබගේ බයිසිකලය කිසියම් පුද්ගලයකු විසින් සොරකම් කරන ලදැයි සිතන්න. නමුත් ඊට ස්වල්ප මොහොතකින් ඔබගේ බයිසිකලය නැති වී ඇති බව ඔබට හැඟෙනු ඇත. නමුත් සයිබර් සොරුන්ගේ විශේෂත්වය වන්නේ ඔවුන් ඔබෙන් කෙතරම් වටිනා තොරතුරු සොරකම් කලත් ඉතාමත් භයානක ප්‍රතිඵලයක් ඇතිවන තෙක් ඒවා සොරකම් කර ඇති බව ඔබට දැනගන්නට නොහැකි වීමයි.

මෙහි ඇති තවත් විශේෂ ලක්ෂණයක් ඇත. එනම් ඔබගේ නැතිවුණු බයිසිකලය ඔබ විසින් සොයා ගතහොත් එය නැවතත් ඇත්තේ ඔබ ළඟ පමණක් බව නිශ්චිතවම කිව හැකිය. නමුත් සයිබර් අවකාශයේදී ඔබෙන් සොරකම් කරණ ලද දෙයක් තත්පර ගණනක් ඇතුළත පුද්ගලයන් දහස් ගණනක් අතට පත්විය හැකිය. එනම් ඔබෙන් සොරාගන්නා දේ නැවත කිසිම විටෙක ඔබට ලබාගත හැකියැයි කිව නොහැකිය.

මෙලෙස අන්තර්ජාලය හරහා අපට හානි පැමිණිය හැකි ක්‍රම කිහිපයක් සලකා බලමු.

1) තමන්ගේ තොරතුරු විශාල ප්‍රමාණයෙන් වෙබ් අඩවි තුල තැන්පත් කිරීම.

තමාගේ තොරතුරු සැලකිල්ලක් නොමැතිව වෙබ් අඩවි තුළ (විශේෂයෙන් සමාජ ජාල වෙබ් අඩවි තුළ) තැන්පත්කිරීම මගින් ඔබ විසින්ම අනතුරු වලට අත වනයි.

2) නොගැලපෙන පුද්ගලයන් අන්තර්ජාලය තුළින් හමුවීම.

අපට අන්තර්ජාලය තුලින් නොගැලපෙන පුද්ගලයන් මුණගැසීමට ඉතාමත් වැඩි අවදානමක් පවතී.

3) Chat කිරීම

Chat කිරීම අන්තර්ජාලයෙන් ලැබෙන ඉතාමත් වටිනා පහසුකමක් වුවත් එහිද අවදානම් පැත්තක් ඇත.

4) සයිබර්බුලින් (Cyberbulling) සහ සයිබර් ස්ටෝකින් (Cyberstalking)

මෙහිදී චැට්, ඊමේල් හෝ සමාජ ජාල වෙබ් අඩවි හරහා වෙනත් පුද්ගලයෙක් ඔබට ඔබව අපහසුවට පත්වන ආකාරයේ කිසියම් හෝ කාර්යයක් කරන ලෙස බලකරයි.

5) ඔන්ලයින් ග්රූමින් (Online Grooming)

ඔබට උදව් කරන බව හඟවමින් ඔබට සමීප වී පසුව ඔබව අපහසුතාවයට පත්වන අකාරයේ යම් යම් දේ බලාපොරොත්තු වේ.

6) මුරපද (Password) නිසි ලෙස භාවිතා නොකිරීම

අන්තර්ජාල භාවිතයේදී Password පිලිබඳ ඉතාමත් සැලකිලිමත් විය යුතුයි.

7) අනර්ථකාමී මෘදුකාංග. (Malware)

බොහෝවිට මේවා මගින් ඔබගේ පරිගණකයට හානි පැමිණවීම සහ ඔබට නොදැනීම ඔබගේ තොරතුරු සොරා ගැනීම සිදිකරනු ලබයි.

8) නොමග යවන පණිවුඩ (Phishing)

ඉතාමත් වැදගත් පණිවිඩයක් බව හඟවමින් ක්ෂණයකින් ඔබගේ පුද්ගලික තොරතුරු උපක්‍රමශීලීව සොරාගනු ලබයි.

9) මනස විකෘර්ති කරවන වෙබ් අඩවි

10) අන්තර්ජාලයට ඇබ්බැහි වීම

11) Facebook භාවිතය

Facebook වෙබ් අඩවිය අද තරුණ තරුණියන් සහ පාසල් යන වයසේ ළමුන් අතර ඉතාමත් ජනප්‍රිය වී ඇත. නිසි අවබෝධයෙන් තොරව මෙය භාවිතා කළහොත් ඔබගේ මුළු අනාගතයම අඳුරු විය හැකිය.

12) වෙනත් කෙනෙකු නමින් පෙනී සිටීම (Identity Theft)

වෙනත් කෙනෙකු නමින් පෙනී සිටීම හෝ ඉතාමත් ජනප්‍රිය පුද්ගලයන්ගේ නම් වලින් ව්‍යාජ ගිණුම් සාදා ඒ ගිණුම හා සම්බන්ධ වන පුද්ගලයන්ගේ තොරතුරු සොරකම් කිරීම සහ වෙනත් අපරාධ සිදු කරයි.

13) අන්තර්ජාලයේ මූල්‍යමය වංචා (Scams)

අන්තර්ජාලය හා බැඳුනු විවිධාකාරයේ මූල්‍යමය වංචා රැසක් ඇත.

මෙහි දැක්වූයේ අන්තර්ජාලය මගින් හානි පැමිණිය හැකි ආකාර කිහිපයක් පමණි. දැන් ඒවා එකින් එක විස්තර සහිතව සළකා බලමු.

ඒ සඳහා අදාළ යොමුව මත click කරන්න.

හදිසි අවස්තාවකදී ක්‍රියා කලයුතු ආකාරය සඳහා මෙතනින් පිවිසෙන්න

One Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>