අන්තර්ජාලයේ මූල්‍යමය වංචා (Scams)

අන්තර්ජාලයේ මූල්‍යමය වංචා (Scams)

මෙය අන්තර්ජාලය භාවිතා කරන වැඩිහිටියන් බොහෝවිට ගොදුරු වන දෙයකි. ඔබට විශාල ලාභයක් අත්වන බව පවසා මුලින් ඒ සඳහා කිසියම් මුදලක් ගෙවිය යුතු බව පවසමින් ඔබෙන් මුදල් ලබාගනී. මේවා බොහෝවිට පහත ආකාරයන්ගෙන් පෙනී සිටී.

නිවසේදී මුදල් උපයන්න Work-at-Home Scams

“නිවසේ සිට අන්තර්ජාලයෙන් ලක්ෂයකට වඩා උපයන්න” වැනි දැන්වීම් ඔබ ලංකාවෙදීද දැක ඇතුවාට සැකයක් නැත. මෙවැනි දැන්වීම් අන්තර්ජාලය පුරාද ඇත. ඔවුන් පවසන්නේ එම පහසුකම ලබාදීම සඳහා $50 හෝ $100 ක් වැනි මුදලක් මුලින් ගෙවන ලෙසය. නමුත් මේවායින් ඔබට ලබාගත හැකි දෙයක් නොමැත. මෙවැනි උගුල් වලට හසු නොවන්න.

(සැ.යු: අන්තර්ජාලය හරහා වංචාවකින් තොරව ඉතාමත් හොඳින් මුදල් උපයන ආකාර ඇත. ඒවා සඳහා මුලින් කිසිදු මුදලක් ගෙවීමට අවශ්‍ය නොවේ. නමුත් ඒ සඳහා පරිගණක ක්ෂේත්‍රයේ කිසියම් හෝ උප ක්ෂේත්‍රයක් පිලිබඳ (Programming, data base administration, graphic designing වැනි) ඉහල දැනුමක් ලබාගත යුතුයි.)

ලොතරැයි දිණුම් Lottery Scams

ලොතරැයි දිනුමක් ලෙස ඉතාමත් විශාල මුදලක් ඔබ දිනා ඇති බව email පණිවිඩයක් ලෙසින් හෝ ඔබේ දුරකතනයට SMS පණිවිඩයක් මගින් ලැබිය හැකිය. මෙම ත්‍යාගය ලබාගැනීම සඳහා ඔබේ විස්තර එවන ලෙස තවත් email ලිපිනයක් ලබාදෙයි. ඔබ විස්තර යවනු ලබුවහොන් ඇතැම්විට ඔබේ විස්තර ඇතුලත් ජයග්‍රහණය කල මුදල ඔබේ නමින් ඇති සහතිකයක් හෝ ඔබේ නමින් ලියවුන බැංකු චෙක් පතක ඡායා රූප ආදිය ඔබට එවයි. අවසානයේ එම මුදල ඔබට ලබාදීම සඳහා සැකසුම් ගාස්තුවක් හෝ බදු මුදලක් ගෙවිය යුතු බවත් හැකි ඉක්මනින් එම මුදල එවන ලෙසත් ඔබට දැනුම් දේ. මෙයද සාමාන්‍යයෙන් $50 හෝ $100 ක් වැනි මුදලකි. ඔබ දිනූ බව පැවසෙන මුදලට සාපේක්ෂව මෙය ඉතා සුළු මුදලක් නිසා බොහෝ දෙනෙක් දෙවතාවක් සිතන්නේ නැතිව මෙම මුදල යවනු ලැබේ. නමුත් අවසානයේ ලැබෙන දෙයක් නොමැත. සිදුවන්නේ ඔබ යැවූ මුදල ඔබට අහිමි වීම පමණි.

මෙවැනි වංචා ශ්‍රී ලංකාව තුලද දුරකථන මාර්ග ඔස්සේ සිදුවෙයි. මෙවැනි පණිවිඩයක් ලබන සැමවිටම අන්තර්ජාලය ඔස්සේ අදාළ ආයතනය සොයාබලා එමගින් එම ආයතනහි දුරකථන අංකය ලබාගෙන අදාළ දිනුම පිලිබඳ සහතික කරගන්න. කෙසේ වෙතත් සදාචාරාත්මකව ඔබට ජයග්‍රාහී මුදලක් හෝ තිළිණයක් ලබාදෙන කෙනෙක් ඔබෙන් කිසිවක් බලාපොරොත්තු නොවෙයි.

නයිජීරියානු ඊ මේල් වංචා The “Nigerian” Email Scam

මෙහිදී කිසියම් අප්‍රිකානු රටක මියගිය ප්‍රභූ වරයකුගේ වැන්දබු බිරිඳක්, දියණියක් ලෙසින් එවූ email පණිවිඩයක් ඔබට ලැබේ. ඇයට ඉතාමත් විශාල මුදලක් බැංකු වල ඇතිබව පවසන අතර ජීවිත තර්ජනද ඇති බව පවසයි. කෙසේ හෝ ඇය ඔවුන්ගෙන් මුදවා ඔබ ළඟට ගෙන්වා ගන්නා ලෙසත් එවිට ඇය සතු සියලු දේ ඔබට ලබාදෙන ලෙසත් පවසයි. අවසානයේ ඇයට කිසිම ආකාරයකින් එරට බැංකුවකින් මුදල් ලබාගැනීමට නොහැකි බව පවසමින් ඔබ වෙත පැමිණීමට අවශ්‍ය මුදල එවන ලෙස ඉල්ලා සිටයි.

අන්තර්ජාලයේ සිදුවන මුදල් වංචා සඳහා භාවිතා කරන්නේ සාමාන්‍ය පුද්ගලයන්ගේ සිතෙහි ඇති තණ්හාවයි. බොහෝවිට සිදුවන්නේ ඔවුන්ට වැඩි දෙයක් දෙන බව පවසා ඒ පිලිබඳ සිතෙහි ආශාව ඇති කර මුදල් වංචා කිරීමයි.

ඔබ අන්තර්ජාලය තුලින් ගනුදෙනු කිරීමේදී ඉතාමත් සැලකිලිමත් වන්න. විශේෂයෙන්ම ණය කාඩ් පත් (Credit card) භාවිතයේදී ප්‍රවේශමින් කටයුතු කල යුතුයි. ඔබගේ ණය කාඩ් පතෙහි විශාල ණය සීමාවක් ඇතිනම් ඒවා අන්තර්ජාල ගෙවීම් සඳහා භාවිතා කිරීමෙන් වලකින්න. ඒ වෙනුවට සම්පත් බැංකුවෙන් ලබාගත හැකි වෙබ් කාඩ් පත භාවිතා කරන්න. එහිදී ඔබට මාසික වියදම් වලට සරිලන මුදලක් ඇතුලත්කර භාවිතා කල හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>