වෙනත් කෙනෙකු නමින් පෙනී සිටීම (Identity Theft)

මෙය අන්තර්ජාලය තුල සිදුවන භයානක තත්වයකි. මෙය වැඩිවශයෙන්ම සිදුකරණු ලබන්නේ වැඩිහිටි පුද්ගලයන් ළමයින් අපයෝජනය කිරීමේ අරමුණිනි. මොවුන් බොහෝවිට පාසල් යන වයසේ ළමුන් ලෙස පෙනී සිටියි. තවද ඔබ කැමති විෂයන්, ක්‍රීඩා, සංගීතයට ආදියට ඔවුන්ද ප්‍රිය කරන බව හෝ ඒ සම්බන්ධයෙන් ඔවුන් දක්ෂයන් ලෙස පෙනී සිටී. අවසානයේ ඔබව ක්‍රීඩා/ සංගීතය පුහුණු කිරීමට වැනි දේට තනිව මුණගැසීමට අවශ්‍ය බව පවසමින් අවසානයේදී අපයෝජන ක්‍රියා වලට පොළඹවා ගැනීමට උත්සාහ කරයි.
මේ පිලිබඳ දැනුවත් කිරීමට thinkuknow.co.uk මගින් නිපදවා ඇති පහත Video නරඹන්න.

full-video-button1

full-video-button1

තවද බොහෝවිට නළු නිලියන්, ක්‍රීඩකයන්, ගායකයන් වැනි ජනප්‍රිය පුද්ගලයන්ගේ නම්වලින් ව්‍යාජ ගිණුම් සාදා ඔවුන් ලෙස පෙනී සිටීයි.

උදාහරණයක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් තරුවක් වන කුමා සංගක්කාර ගේ Facebook ගිණුම සෙවීමට උත්සාහ කරමු.

15

 

එවිට එම නමින් ගිණුම් කිහිපයක් ඇති බව පෙනී යයි. නමුත් එක් ගිණුමක ඔහුගේ නමට ඉදිරියෙන් කුඩා නිල් පැහැති රවුමක් තුල ඇති “√” ලකුණක් පෙනෙයි. එයින් කියවෙන්නේ ඒ ඔහුගේ සහතික කල ගිණුම බවයි. එම ගිණුමට පිවිසි විටද එම සහතික කරන ලකුණ දක්නට ලැබේ.

16

 

නමුත් සෑම ජනප්‍රිය පුද්ගලයකුම තමන්ගේ ගිණුම මෙලෙස Facebook ආයතනය හරහා සහතික කරගන්නේ නැත. එවිට ඔවුන්ගේ නියම ගිණුම කුමක්දැයි නිශ්චිතව හඳුනා ගත නොහැකිය. සැබෑ නොවන ගිණුම් හා සම්බන්ධ වීමෙන් ඔබ මෙම පොතේ මුලින් කතාකල ආකාරයේ අනවශ්‍ය ප්‍රශ්න වල පැටලීමට ඉඩ ඇත. එලෙස සහතික කල ගිණුම් නොමැති විට ඒවාට Friend request යැවීමෙන් වලකින්න. ඔවුන්ගෙන් Friend request එකක් ඔබට ලැබුනත් ඒවා accept කිරීමෙන් වලකින්න. හැකිතාක් එවැනි ගිණුම් වලින් ඉවත් වී සිටින්න.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>